මේ PH-MBH යානය 1966දී ඇමෙරිකාවේ මැක් ඩොනෙල් ඩග්ලස් සමාගම විසින් නිශ්පාදිත, Seaboard world Airline සමාගමට අයත්ව තිබූවකි. PH-MBH යානය නෙදර්ලන්තයේ මාටින්-එයාර් ගුවන් සමාගම විසින් මිලයට ගේ 1973/09/21 දින ජාත්‍යන්තර මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්න ලදී. එහි සමස්ත පියාසර කාලය පැය 35613 වූ අතර මාටින් එයාර්හි ගුවන් පැය 3347 ක් සඳහා සහභාගී වී ඇත.
දිනය; 1974-දෙසැම්බර්-04;
පැය 12:03 ට ඉන්දුනීසියාවේ සුරභයා සිට හජ් බැතිමතුන් 182ක් සමග සෞදි අරාබියේ ජෙද්හා දක්වා ගමන් ඇරඹීය.යානයේ කාර්යය මණ්ඩලයද 9 දෙනෙකුගෙන් යුක්ත විය. පැය 1630ට(GMT) ශ්‍රී ලංකාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ගොඩ බැස්සවීමට නියමිතව තිබිණි.
අවාසනාවකි....
කටුනායක ගුවන් පාලක මැදිරිය හා යානයේ මෙහෙයුම් මැදිරිය අතර සිදුවූ සංඥා පණිවිඩ හුවමාරුවේ දුර්වලතාවයකින් යානය අවශ්‍ය පියාසර මට්ටමට වඩා පහලින් පියාසර කිරීමෙන් යානය මස්කෙලිය අන්ජිමලේ කඳු වැටියේ 5 වන කඳු මුඳුනේ ගැටීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය.ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.10 ට පමණ සිදුවූ මෙම අනතුර නිසා අන්ජිමලේ කඳු මුදුන ගිනිගෙන දැවෙන්නට විය. විදුලිය නොමැති වීමත්, පණිවිඩ හුවමාරුව අද මෙන් දියුනු තත්වයක නොතිබුන නිසාත් අනතුර සිදූ ස්ථානයට ලඟා වීමද අපහසු විය. හැටන් තැපල් කාර්යාලයේ රාත්‍රී දුරකතන ක්‍රියාකරු මල්දෙනිය මහතා විසින් බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ මෙහෙයුම් කාර්යාලයට පලමුවෙන්ම ගුවන් අනතුර පිලිබඳ වාර්තා කිරීමෙන් පසුව යානය අනතුරට භාජනය වී ඇති බව සනාථ කෙරිණි. යුද හමුදාව හා ගුවන්තොටුපල වගකියයුතු නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ලඟා වීමෙන් පසුව එම ස්ථානයේ පරීක්ශණ සිදු කරන ලදී.සිද්ධියෙන් මගීන් සියලු දෙනා මරුමුවට පත් විය.


වැඩි විස්තර: විකිපීඩියා.. , මාටින් එයාර් DC 8 55F PH-MBH
මූලාශ්‍ර: Report on the accident to Martinair DC-8 PH-MBH on 4 December 1974
(Sri Lanka Dept of Civil Aviation )
No comments:
Post a Comment