December 26, 2011

History of Kanniya hot springs


The king RAVANA, who dearly loved his mother, at her request wanted to obtain a "Shiwalingam" ( A Totem) to his mother to worship and he ardently prayed Lord Shivaa to give him one. King Rawana become frustrated and furious tired to lift the Koneshwaram rock and started to excavate the earth by his sword. When he moved the rock Lord Shiwa press the rock with his sword. When he moved the rock Lord Shiva pressed the rock with his toes and made Ravana a Captive. Mother of Ravana who heard the news thought of unbearable sorrow. 


Ravana realized his folly and become sober and hymns   that would please Lord Shiva and thus become favorite devote of the Lord. Lord gave him long lift and powerful sword.Ravana though he was blessed, when came to know his blessed mothers demise was disheartened. However he wanted to conduct the rite according to Hindu norms and ordinance. To do this he stuck the earth with his sword at seven spots and water started to flowing from these entire hole that he made. These fountains are lot and the temperature of the water is at different centigrades. The water is sacred and has power to cure many diseases.



කන්නියා උණු වතුර ළිං පිලිබඳ පුරාවෘත්තය

රාවණා රජු තම මවට පුද පූජා කිරීම සඳහා කොනේෂ්වරම් දේවාලයේ මූලස්ථානයේ ඇති ශිව රූපය රැගන යාමේ අරමුණින් භාවනා කර ඇත. මේ සඳහා දෙවියන් වහන්සේගේ අවසරය නොලැබීම නිසා කෝපයට පත් රජතුමා කඩුවෙන් කපා කෝවිල රැගෙන යාමට උත්සාහ ගෙන ඇත.කොනේෂ්වරම් කන්ද සෙලවීමත් සමග දෙවියන් වහන්සේ තම මා පට ඇඟිල්ල තද කල විට රාවණා රජු කන්දට යට විය.මෙය ඇසූ රජුගේ මව සිය පුතා මිය ගියා යැයි සිතා එම සොවින් මියැදුණාය.

මෙහිදී ශිව දෙවියන්ගේ දර්ශනය රාවණා රජුට ලැබුණ අතර දීර්ඝායුෂ සහ වීර කඩුවක්ද දේව ආශිර්වාදයෙන් රජතුමාට ලැබී ඇත. මවගේ මරණය ගැන අසා අවසාන කටයුතු කිරීම සඳහා තම අතේ තිබූ කඩුවෙන් විද වතුර ලබා ගැනීමට උත්සාහ කර ඇත. එසේ කඩුවෙන් විදින ලද ස්ථාන හතෙන්ම ළිං බිහිවි‍ය. රජු විසින් කරන ලද පූජා හා දානමය කටයුතු අදටත් මෙම ස්ථානයේ චාරිත්‍රානුකූලව සිදු කෙරේ.

Photograps by Dilan Sampath Kumara & from slpost.gov.lk.

----------------------------------------------------------------------------------------------
පසු වදන

මොරටු සරසවියේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තුමේන්තුවේ 2010 වාර්ෂික චාරිකාව අතරතුර කන්නියා උණුවතුර ළිං නැරඹීමට අප හට අවස්ථාව ලැබුනු අතරම, මා ඇතුලුව මගේ මිතුරන් කීප දෙනෙකු හට ( යසන්ත, බණ්ඩාර, රෂිඳු, චාමර සහ විශ්ව )  එහි ස්නානය කිරීමටද අවස්ථාව ලැබිණි.බොහෝ විට එය තවම මගේ අනෙකුත් මිතුරු පිරිස සහ අනෙක් වසර වල සිසුන් මෙන්ම නිසි බලධාරීන්ද නොදන්නවා විය හැක.ආරක්ෂක හේතූන් නිසා රාත්‍රී 7 පමණ වන විට එම ස්ථානයට ඇතුලු වීම තහනම් වන අතර අප එදින ස්නානය කරන විට රාත්‍රී 7 පසු වී තිබීමද විශේෂය.

No comments: