නෙත් අයා බොල් ගැබට
දෙනෝ දහසක් දෙනා
අයදින්නෙ දිය බිඳක්
වියලුණු දෙතොල් පෙති
සනහන්න
ගුරු පැහැය තැවරුණු
මලානික ගස් කොලන්
ඉරි තැලුනු මහ පොලව
දෙස බලා කරයි
සදිසා නමස්කාරය
දෙනෝ දහසක් දෙනා
අයදින්නෙ දිය බිඳක්
වියලුණු දෙතොල් පෙති
සනහන්න
ගුරු පැහැය තැවරුණු
මලානික ගස් කොලන්
ඉරි තැලුනු මහ පොලව
දෙස බලා කරයි
සදිසා නමස්කාරය
රතු පාට දිය කඳුරු
බඩ ගායි කොඳුරමින්
කැකෑරුණු උණු දියෙහි
පෙලින් පෙල පොදි ගැසුණු
මත්ස්‍යයින් පිරි වරා
මිල ගණන් නොකැඳවා
නොමිලයේ ලබා දුන්
කොළ පැහැති වන පෙතට
වින කරපු පාපයට
විඳවතියි
අසරණයෝ.
බඩ ගායි කොඳුරමින්
කැකෑරුණු උණු දියෙහි
පෙලින් පෙල පොදි ගැසුණු
මත්ස්‍යයින් පිරි වරා
මිල ගණන් නොකැඳවා
නොමිලයේ ලබා දුන්
කොළ පැහැති වන පෙතට
වින කරපු පාපයට
විඳවතියි
අසරණයෝ.
අදහස:
ජී.ජී. ජයතිස්ස
No comments:
Post a Comment