අපේ මුතුන් මිත්තන් බොහෝ දෑ ගල්තලා වල ලියා ඇත. ගල් කුලුණු අලංකාරව තනා ඒවායේ අකුරු කොටා ඇත.සෙල්ලිපියකින් ඒ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ වන අතර මහා ස්මාරක තුලින් ඔවුන්ගේ ජීවන රටාව හා හැකියාව විදහා දක්වයි. ඒ නිසා අපේ දිගු ඉතිහාසය අපි අභිමානයෙන් සිහිපත් කරන්නෙමු. ඒ මත ඇවිද යන්නෙමු.අපට තව බොහෝ දුර යන්නට ඇත. එහෙත් යා හැකි අයුරු අප දන්නේ නැත. ඉතිහාසය විසින් පෙන්වූ තිරසර දිවි ගමනක දර්ශනය, තාක්ෂණය හා උපායමාර්ග අප තුල නැත. අප අනුන් ලුහුබැඳ ගියෙමු. අවසානයේදී අපට හිමි වූයේ අනාථ භාවයයි.පූර්ණ මිනිස්කම නැතිවී ගිය අර්ධ මිනිසුන් ලෙස අද අප ජීවත් වන්නෙමු. අප ජීවත් විය යුතු අයුරු, ජීවන විලාසිතාව යන හැම දෙයක් ගැනම තීන්දු ගනු ලබන්නේ වෙනත් අය විසිනි.අද අප ජීවන සංස්කෘතියේ බොහෝ අක්මුල් නැත, අනන්‍යතා නැති සංස්කෘතිය ගෝලීය විසරණයෙන් දියවී ගියේය. එය පෝෂණය කල දැනුම, කලා ශිල්ප, ඇදහිලි, විශ්වාස, අභිචාරවිධීන් සංවර්ධනය වෙනුවෙන් ඉවතලූවේය. වෙළඳ බලවේගයන්ට තව තවත් ගොදුරු වෙමින් පවතී.ස්වභාවය කොල්ලකෑමට අපේක්ෂාවක් නොවීය.එහෙත් ජීවත් වීමට දනුවත් සැලැස්මක් තිබිණි.ඒ සැලැස්ම සඳහා වූ දැක්ම, දැනුම, තාක්ෂණය, සංකල්ප, උපායන් යන සියල්ලම එකට බැඳී තිබිණි. හිරු පායන හා හිරු මුවාවන වලාකුළු සහිත අහස් කුස නිසි ලෙස කියවූ ඒ මිනිස්සු සාරවත් පොළෝතලයේ සම්පත් මත සිය ජීවන ගමන සරුසාර කල දේශීය දැනුම ලෝකයේ යහපත උදෙසාම ගොඩ නැඟුනක් විය.
අදහස; ගම ගෙදරින්....
අදහස; ගම ගෙදරින්....
No comments:
Post a Comment