ගසක් නම් ඉහලට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
පෘථිවි තලයම විනිවිදියි
දිය සොයාගෙන මිස නොනවතියි
ගිමන් කල හාමත්ව යයි
කොළ දළු සලා නිහඬව හිඳියි
එහෙත්,
ඒ නිශ්ශබ්දතාවෙහි
අධිෂ්ඨානය කැටි ගැසෙයි
පොලෝ ගැබ සංචිතව යෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
පෘථිවි තලයම විනිවිදියි
දිය සොයාගෙන මිස නොනවතියි
ගිමන් කල හාමත්ව යයි
කොළ දළු සලා නිහඬව හිඳියි
එහෙත්,
ඒ නිශ්ශබ්දතාවෙහි
අධිෂ්ඨානය කැටි ගැසෙයි
පොලෝ ගැබ සංචිතව යෙයි
වැලක් දුලබව වැද හෝන සඳ
වාරු කොට දෝතට වඩයි
දහක් සිරසට ගිම්හානයට
සෙවන වී සිසිලස සදයි
නැතක් දුක් මැද සෘජුව සිට
හර සොය සොයා අරටුව තනයි
බීඩලූ ගලවලා බලත්
හර මිසක බොරු නැති බව පෙනෙයි
වාරු කොට දෝතට වඩයි
දහක් සිරසට ගිම්හානයට
සෙවන වී සිසිලස සදයි
නැතක් දුක් මැද සෘජුව සිට
හර සොය සොයා අරටුව තනයි
බීඩලූ ගලවලා බලත්
හර මිසක බොරු නැති බව පෙනෙයි
ගසක් නම් ඉහලට වැඩෙයි
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුදු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස
කිසිදාක සැනසෙන්නේ නෙමෙයි....
සැඩ හිරුට නොබියව මුහුණ දෙයි
අඳුර පිළිකෙව් කරයි
සඳ එළියෙනුදු සෑහී නොනවතියි
මලක් සිරසෙහි පැළඳ මිස
කිසිදාක සැනසෙන්නේ නෙමෙයි....
සල් ගස යට : රත්න ශ්‍රී විජේසිංහ
No comments:
Post a Comment