March 9, 2011

මට හිමි නැතී -------- නුඹ



අරුත පසිඳින්නට            බැරී
තනුව ගලපන්නට           බැරී
මිහිර විඳගන්නට            බැරී
නුඹ- කවිය- මට හිමි     නැතී


පැහැය තවරන්නට         බැරී
සුවඳ විඳ ගන්නට            බැරී
රොන් ගන්න මට ඉඩ   නැතී
නුඹ -කුසුම -මට හිමි     නැතී


නෙතු සැනසු රුව හිමි   නැතී
සිත සැනසු වදනුත්        නැතී
මා  ළගම සිටි නුඹ         නැතී
නුඹ -සොඳුර -මට හිමි   නැතී

No comments: