March 12, 2011

ලෙන්ගතු මිතුරියට

මිතුරු කමින් ළඟට      වෙලා 
සොඳුරිය කර ගන්න       සිතා
සිටියත් මා පෙරුම්          පුරා
ඔබ පිටුපා යන්න           ගියා

සිත අරගෙන  ගිය          නිසා
ඔබ මගෙ මුලු ලොව    වෙලා
සිටියත්  මා  ඔබ            පතා
කඳුලක්  විය  එය           සදා 

මගෙ හිතනම් තරහ       නැතී
හදවතනම් බිඳුණි           සකී
ඔබ එනතුරු රැඳෙමි       නිතී
නාවත්නම්   තරහ        නැතී 

මේ භවයෙම වගෙම   සොඳුර
මතු භවයෙත්  ඔබම       පතා
මේ ලෙන්ගතු   හදවත්   පෙම
ඔබ සොයාන   ඒවි          සදා 

සංසාරේ   මගේ           පැතුම
බොඳවී   දිය   වී          ගියාට
සංසාරේ ඔබේ             පැතුම්
ඉටු වේවා යැයි       පතනෙමි 

සංසාරේ    භවයක          මතු
දෙදෙනා යළි   හමුවූ        විට 
ඔබේ හදේ සොඳුරුම    තැන
තබා ගන්න   මාව          සදා

දුක  සතුටට   පෙරලුණ     දා
මතු භවයක  එක්   වුණ    දා
ඔබ මගෙ පණ ලෙසම  සිතා
ඔබව රකිමි මම්....
සදා රැදෙමි මම්....

No comments: