February 26, 2011

හද පාරයි නම්....


හද   අරණේ  පිපි   කුසුමේ
පෙති පොඩිකර නුඹ ගියාට
ඒ කුසුමේ සොඳුරු සුවඳ
හද පාරයි නම්......... 
දස   දහසක්   නෙතු  අතරේ
මා සෙව් නෙතු හිමි නොවුනට
මතකයෙ රැඳි ඒ නිල් නෙතු
හද පාරයි නම්......... 
ඔබේ   හදින්   පිදු  සිනහා
මුවගේ   අද   නැති වුණාට
සිනහවෙ ඒ ලෙන්ගතු කම
හද පාරයි නම්......... 
සොඳුරිය කර ගන්න සිතා
මිතුරුදමින් දුරක ගියා
මිතුරුදමේ මතක සුවඳ
හද පාරයි නම්......... 
ඔබ   වෙන්වී   දුර   ගියා
සිත මගෙ තනිකර  දමා
සිව් වසරක මතකය අද
හද පාරයි නම්..........

No comments: