September 30, 2011

කතෘ භාගය

මගේ හිත මුමුණපු
පද පේලි ගලපාල
රස මිහිර එක් කරල
ආදරෙන් බන්ඳාල
මගේ අතින් ලියවෙච්ච
සොඳුරුම ගීය
නුඹ වෙච්ච
තනුව එහි ගලපාල
රසය තව වැඩි කරල
දෙසවනුත් පිනවාල
ඒ ගීය ඔහු ගයල
මගෙ අතින් ලියවෙච්ච
ගීය මට
නැති වෙච්චි.

No comments: