මම හා හා පුරා කියල ලෝක-පාසලට ගියාමයි මට මේ බඩුව හම්බුණේ. ලෝක-පාසලට
යද්දිනම් මට එච්චරම බඩු ගැන ලොකුවට ideas තිබුනෙ නෑ. කොටින්ම කීවොත් ලොක්කුවට භාවිතා කරල experience තිබ්බෙත් නෑ බඩු ගැන .එත් මට 2nd hand
බඩුවක් හම්බු වෙලා තිබුන ඒ වෙද්දිත්. ලෝක-පාසලට එන්න ටික කාලයකට උඩදි තමා ඒ 2nd
hand බඩුවත් මම මුල් අයිතිකරුටම තියා ගන්න කියල ආපහු දුන්නෙ.
ලෝක- පාසලේ ඉන්නකොට හම්බුණ බඩුවත් කලින් බඩුව වගේම 2nd
hand,( මම දන්න තරමින්). මොනා උනත් කලින්
එක වගේම Quality. Full QUALITY. හරිම
හුරුබුහුටියි. ලස්සනයි. කලින් එකට වගේම මම අලුත් 2nd
hand බඩුවටත් ගොඩක් ආදරෙන්
උන්නා. මගෙ ගාවින්ම තියගෙනයි උන්නෙ. ඒ බව දැනගන්න ඕනිනම් මගෙ හොඳම යලුවො දෙතුන් දෙනා දන්නව. උන්ගෙන්
අහන්නකො. විස්තර කියයි. ඔහොම ටික කාලයක් ගියා.ඇත්තම කීවොත් ඔය 2nd hand බඩුවට තව ආදරේ කරපු, ගොඩක්
කැමැත්තෙන් හිටි උන් නොහිටියම නෙවේ. මම දන්න උන් පවා උන්න. මට මුල් දවස් වලනම්
කරදර උනේ,
පොඩි එකාගෙන් විතරමයි. මම දන්න ජාති
ඔක්කොම දාල පොඩි එකාගෙන් බඩුව මගෙම කරගත්තා. එත් පස්සෙ පස්සෙත් පොඩි එකා හිමින්
හිමින් try කලා ඕක උගෙ කරගන්න. එත් ඔක්කොම පුස් වෙඩි උනා.
මමනම් ඇත්තටම ඔය 2nd hand බඩුව use කලෙ හරිම අඩුවෙන්.
කොටින්න්ම කීවොත් ලාවට වගෙ.. මගෙ අනික් යාලුවො උන්ගෙ බඩු use කරපු හැටි දැක්කම මම චාරයක් ඇතිව use කරල
තිබ්බේ. මගෙ යාලුවො ගැන කියද්දි මතක් උනේ. සමහරු රෑට රෑට පුදුම විදියටනෙ.
සමහරුන්ටනම් බඩු 1ක් නෙවේ, 2කක්ම තිබ්බා.. සමහරුනම් එත් එලිපිට. තව සමහරු හොරාට
වගෙ.. මොනා උනත් මම මගෙ 2nd hand බඩුවට බොහොම ආදරෙන් උන්නා. ඔය අතරෙ තව තව ORIGINAL
කියපු බඩුත්, 2nd
hand එවත් මගෙ යාලුවො මට Introduce කලා. මම අහුවුනේ නෑ ඒවට. මොනා උනත් මගෙ 2nd
hand බඩුව මට ගොඩක් වටිනව කියල මම ඒ අයට කීවා. මට තාම මතකයි.
සමහරු එහෙම කියද්දි මට නෝන්ඩියට හිනා උනා. එත් මම ඒව එච්චර care කලේ නෑ. මම lectures ගියත් බඩුවට පෙනෙන මානයෙන් තමා මම හිටියෙ. ඉතින්
ඔහොම ටික කාලයක් ගියා.
කතාවෙ දුකම කොටස පටන් ගන්නෙ ඊට පස්සේ. මට ඊට සති කීපයකට කලින් වගේ හීනෙන්
පෙනුන දෙයක්. එක හැබෑවටම උනා. දැනට මාස 5කට විතර උඩදි, එක්
අවාසනාවන්ත දවසක බඩුව මට නොකියම මාව අත්හැරල ගියා.මට කාරණාව ඉතා පැහැදිලියි. මම
දැන ගත්තා ආයෙ කවදාවත් මට නොලැබෙන බව. ගොඩාක් දුක හිතුනා. පුදුම upset මූඩ් එකක්
තිබ්බෙ.මට කියන්න කියල ඉතුරු උනේ මගෙ හොඳම යාලුවො කීප දෙනෙකුයි, මගෙ අක්කයි, අයියයි විතරයි. අම්මට, තාත්තට
උනත් කීවේ පස්සේ. මොනා කරන්නඩද හිත හදා ගත්තා.
ඒකට ගොඩක් ආදරේ කලාට රත්තරන්වත්, රිදීවත්, අඩුම තරමෙ සුදු යකඩ
කෑල්ලක් තරම්වත් ඒක වටින් නෑ කියල ඒ වෙද්දිත් මට තෙරුම් ගිහින් තිබුනෙ. මම
සම්පුර්ණයෙන්ම තිබ්බ Connection
නවත්තල දැම්මා. එත් මට බඩුව මගෙ කර ගන්න ඕනි තරම් Chances නම් available වෙලා තිබුන. මොකද unique
values ටික තිබ්බෙ මගෙ ගාව විතරයි. නිසි බලධාරියන් විසින් ඒක කරල
දෙන්න හැදුවෙ. එත් මම ඕනි නැහැ කියලා හිත හදා ගත්තා.
මම අද හැමදාම වගේ පින් දෙනව, කොතැනක උන්නත් හොඳට ඉඳින් කියල. මගෙ ගාවින් dismiss උනා වගෙ දැන් ඉන්න එකා ගාවින් එහෙම dismiss
වෙන්න එපා කියල. 3rd hand උනත් බඩුව අරගත්ත එකා ඒක හොදට බලාගනී. ඒක sure. මොකද කීවොත් ඒක හොඳම 2nd
hand බඩුවක්. මම උනත් පණ වගෙයි
බලා ගත්තෙ ඒ දවස් වල. මගෙ 2nd hand බඩුව නැති උනයි කියල, මම
ගත්ත එකාටවත් , වෙනින් කාටවත් වෛර කරන් නෑ. එහෙම හිතනවනම්
හරි වැරදියි. මම පින් දෙනවා උදේ සවස.
කතාව එහෙම වුනැයි කියමුකො.. මට තාම වෙනින් බඩුවක් මගෙම කරගන්න ඕනිමයි කියල හිතුනෙවත් නෑ. අම්මත් නිතරම කියනව. මගෙ යාලුවන්ටත් තාම ප්‍රශ්නෙ එකයි. මට පැය කීපයකට වගේ, දවස් කීපයකට වගේ නම් බඩු 2ක් 3ක්ම සෙට් උනා. මම ඒව use කලාට වැඩක් නැතයි සිතුන හින්දම අත් හැරියා. සමහර ඒවා රට බඩු. Posh ඒවත් set උනා . ඒත් මගෙ 2nd hand බඩුව තරම් මට ඒ එකක්වත් අගේ නැහැ. නිසි බලධාරියො කීව දේවල් ඒ දවස් වල අහල, විශ්වාස කලානම් කියල දැනුයි හිතෙන්නෙ.
කතාව එහෙම වුනැයි කියමුකො.. මට තාම වෙනින් බඩුවක් මගෙම කරගන්න ඕනිමයි කියල හිතුනෙවත් නෑ. අම්මත් නිතරම කියනව. මගෙ යාලුවන්ටත් තාම ප්‍රශ්නෙ එකයි. මට පැය කීපයකට වගේ, දවස් කීපයකට වගේ නම් බඩු 2ක් 3ක්ම සෙට් උනා. මම ඒව use කලාට වැඩක් නැතයි සිතුන හින්දම අත් හැරියා. සමහර ඒවා රට බඩු. Posh ඒවත් set උනා . ඒත් මගෙ 2nd hand බඩුව තරම් මට ඒ එකක්වත් අගේ නැහැ. නිසි බලධාරියො කීව දේවල් ඒ දවස් වල අහල, විශ්වාස කලානම් කියල දැනුයි හිතෙන්නෙ.
මගෙ හොඳම යාලුවෙකුත් නිතරම ධාර්මික talks දෙනව. කියන්නෙ අත් හරින්නමයි. ඌ කීවෙත් ටික කාලයක් ඉවසල ඉඳහන් කියලයි.
හොඳ brand new ඒව
ඕනි තරම් කියල. එත් මට අලුත් ඒවට තවම හිතක් නැහැ.
අනේ මන්ඳා මම මගෙ යාලුවොන්ටනම් කියන්නේ තමන්ගෙ බඩු/බඩුව රැක ගන්න කියලයි
(ආදරෙන්). හැබැයි කවදා හරි අපිට අත් හරින්නම වෙනව. ලඟදි මම දන්න කීප දෙනෙක්ගෙම බඩු
නැති උනා. සමහරු මගෙන් හෙල්ප් හිටන් ඉල්ලලා තිබ්බා. මොනා උනත් එහෙම අයට මමනම් උදව්
කරනව මට පුලුවන් විදියට. මොකද යමක් නැති උනාම දුක දැනෙන්නෙත් එහෙම වෙච්ච උන්ටම තමා
ගොඩක් වෙලාවට.
No comments:
Post a Comment