November 9, 2010

තහනම් සෙවනේ ඉන්න... තව මොහොතක් ඉඩ දෙන්න.....


ගැ:
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න...
තහනම් සෙවනින් යන්න..... 
පි:
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවනේ ඉන්න...
තව මොහොතක් ඉඩ දෙන්න.....

ගැ:
එක වදනක් පවසන්නම්
පි:
එය හදවත හඬවයි නම්

ගැ:
මා වෙනුවෙන් නොහඬන්න...
ජීවිතයට ඉඩ දෙන්න.....
පි:
ඔය කී ලෙස මතු ඉන්න...
දිවුරුම් නම් බෑ දෙන්න.....

ගැ:
ආදරයක් තියෙනවනම්
පි:
දෙනෙතින් පිලිතුරු දෙන්නම්
ගැ:
මට නොපෙනි පිට වෙන්න...
නොහඳුන කෙනෙකුන් වෙන්න.....
පි:
ගත ගෙනයන්නම් දුරට...
සිත නම් බෑ ගෙන යන්න.....

ගායනය: රාජිකා සහ චාමර වීරසිංහ 
ගීතය ශ්‍රවණය සඳහා:VEDIO , MP3

No comments: