ආදරණීය ඔයාටමයි කියන්නේ.අහගෙන ඉන්න..දාහක් දේ කියන්න දේවල් හිතේ තිබුනත්.ඒ හැම එකක්ම කියන්නවත්.. ලියන්නවත්.. මට අකුරු ගලපගන්න අමාරුයි.කොතැනින් පටන්ගෙන කොතැනින් ඉවර කරන්නද මන්දා. මොනා උනත් මගේ ජීවිතේ වෙනසකට හේතු වුණ ඔයාව මම කොහොම අමතක කරන්නද?යමක් හිතේ තියාගෙන.. ගිලගෙන.. කාටත් නොකියා... කියන්නත් බැරුව.. කියන්න කෙනෙකුත් නැතුව ඉදල තියනවද? හ්ම්ම්... ඒවා දන්නේ අපි වගේ පිස්සු... ඔයා කිවත් වගේ මෙන්ටල් පොරවල්ට විතරයි...
මට අනුන්ට පේන්න ජිවත් වෙන්න දන්නේ නැහැ..
එහෙම ජීවත්වෙන්න උවමනාවකුත් නැහැ.මේ ඉන්න මම තමයි ඇත්ත.. බොරුවෙන් ජිවත්වෙනවානම්
අද... මෙච්චර වද විදින්න ඕන නැහැ. මම ඔයාට ආදරේ කලේ බොරුවට නෙවෙයි.. කාගෙන්වත්
අහලත් නෙවෙයි. මම දන්නවා මගේ තේරීම වරදින්නේ නෑ.. මගේ ජිවිතේ තෝරගත්තු ලස්සනම..
වටිනාම දේ.. ඔයාම තමයි.. මට ඔයා වගේ කෙල්ලෙක් මට නැති කරගන්න බෑ... මෙච්චර වටින
ඔයාව දමල ගහල යන්න
බෑ..
හිත රිද්දන්න මට බැහැ. ඒත් ඔයා ගියා.. ඇත්ත.. මගේ ඇති වටිනාකමක් ඔයා දකින්නේ නැතුව ඇති. ඔයා
මාව තේරුම් ගත්තෙම වැරදියටයි. මම පිස්සු වැඩ කළා තමයි.. ඒත් කරපු හැමදෙයක්ම මම කලේ ඇයි
කියලා හිතුවද... හිතල බලන්න.. ඔක්කොම ඔයාට පැලෙන්න ආදරේ කරපු හින්දයි. නැතුව තරහකට නෙවෙයි.
ඔයා මගෙන් ඈත් වෙන්න පටන් ගත්තදා ඉඳන්ම
මගේ ජීවිතෙත් එක
තැනම
නැවතුනා වගෙ මට හැඟුණා. කොච්චර එතැනින් මිදෙන්න උත්සාහ කලත් අවසානෙ වැටුනෙ එතෙන්ටමයි.මම
ඔයාට ගොඩක් ආදරේ කලා. අදටත් මගේ හිතේ ඔයා ගැන තිබ්බ ආදරේ අබමල් රේණුවක් තරම්වත් වෙනසක් වෙලා
නෑ. ඔයාව මට නොලැබුනත් ඔයා
මගේ ජීවිතයේ ඇති කරපු ඒ
හිඩැස තවම එහෙමමයි. ඒක පුරවන්න පුලුවන් ඔයාට විතරමයි.ඒ හිඩැසට මම කැමතියි. මොකද එතැන ඉන්නෙ ඔයාගෙ
මතකයන්. ඔයා මගෙ නොවුනට කමක් නෑ....මම ඔයාට මගේ ජීවිතේ පුරාවටම ආදරේ කරනවා. ඒක ඔයාට
වුන පොරොන්දුවක්. මම
ඒක
රකිනවා.
එකින් එක බලාපොරොත්තු එක්ක ගොඩ නගාගෙන ආපු මගේ ලෝකය එක
මොහතකින් ඔයා බිමට සමතලා කලා කියල කවදාවත් මම ඔයාට වෛර කරන්නෙ නෑ.ඇත්තටම මම ඔයාට
ගොඩක් ආදරය කලා.
පොඩි
සිදුවීමකින් පවා මම පුදුම විදියට ධෛර්යයට පත් වුණා. ඒ ඔයා මගෙත් එක්ක හිටි නිසා.
මීටත් වැඩිය මට කියන්න දෙයක් නෑ.. කියන්න
කියන්න.. මගේ හිත රිදෙනෙක විතරයි වෙන්නේ.
ආදරයක් හින්ද මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මම දන්නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා..
මම ආයේ ඔයා ඉස්සරහට එන්නේ නෑ.. ඔයා මං ගැන වදවෙන්න එපා.. මොනම විදිහකටවත් ඒත් එකක් මතක තියාගන්න.. මම යන්නම ගියාට
ඒකෙන් මම ආදරේ කරන ඒක නැතිවෙන්නේ නෑ..
ආදරයක් හින්ද මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මම දන්නෑ ඉස්සරහට මොනවා වෙයිද කියලා..
මම ආයේ ඔයා ඉස්සරහට එන්නේ නෑ.. ඔයා මං ගැන වදවෙන්න එපා.. මොනම විදිහකටවත් ඒත් එකක් මතක තියාගන්න.. මම යන්නම ගියාට
ඒකෙන් මම ආදරේ කරන ඒක නැතිවෙන්නේ නෑ..
මම මගේ ජීවිත කාලෙම ඔයා සතුටු වෙනව බලා ඉන්නම්,මීට පස්සේ මාව දැක්කම නොදැක්කා වගේ ඉන්න. මා එක්ක කතා
නොකර ඉන්න. මම ඔයාව නොදැක ඉන්නම උත්සාහ කරන්නම්. ඔයාව දැක්කොත් මට කතා කරන්න හිතෙයි. එහෙම
උනොත් මගෙ හිත අයෙ කැඩෙන්න ඉඩ තියෙනවා.
ඔයා සතුටින් ඉන්න....
No comments:
Post a Comment